අධිකරණය තහනම් කළාට වර්ජනය දිගටම
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් කරගෙන යනු ලබන වැඩවර්ජනය නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව පවසමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු විසින් පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.
මෙම පෙත්සම සලකා බලා කොළඹ දිසා අධිකරණය විසින් එළඹෙන සැප්තැම්බර් මස 12වන දින දක්වා බලපැවැත්වෙන පරිදි අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන විනිසුරු සුජාතා අලහප්පෙරුම විසින් ‘පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය‘නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති 5ට මෙම අතුරුතහනම් නියෝගය ලබාදුන් බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ දැනට කි‍්‍රයාත්මක කරන වර්ජන කි‍්‍රයාමාර්ගයේ වෙනසක් සිදුනොවන බවය. එමෙන්ම මෙතෙක් අදාළ අධිකරණ නියෝගය තමන් වෙත ලැබී නොමැති බැවින් වර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවය.
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ මෙම වර්ජනය හේතුවෙන් මේ වන විටත් රට පුරා රෝහල්වල සේවා රැසක් බිඳ වැටී තිබෙ. නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර රෝගීන්ට ද ඖෂධ ලබා ගැනීමේ ගැටළු පවතින අතර රසායනාගාර සේවා කිසිවක් රෝහල් තුළ සිදුනොවේ. එක්ස් – රේ, සී.ටී. ස්කෑන් වැනි පරීක්ෂණ ද සියල්ල මේ වන විට අඩාල වී තිබෙ.