අධිවේගී මාර්ගයේ ආසන වෙන්කරගන්න නවතම ක්‍රමයක්

null

ජංගම දුරකථනයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. මෙම මස 21 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව එම කොමිසන් සභාව සඳහන් කළේය.

මෙහි පළමු අදියර ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම, ගාල්ල බස් රථ සඳහා ආසන වෙන් කිරීමේ පහසුකම ලබාදීමට නියමිතය.

මගියා විසින් සිය ගමන යෑමට අපේක්ෂිත දිනයට පෙර සති දෙකක කාලයක සිට බසය ගමන් ආරම්භ කිරිමට පැයකට පෙර දක්වා කාලය තුළ අංක 365 ඇමතීමෙන් තම ආසන වෙන් කරගැනීමට හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා පවසා ඇත්තේ බස් රථ සේවාව සඳහා නවීන තාක්ෂණය එක් කරගනිමින් මගී ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>