05 Feb 2015
අධිවේගී මාර්ගවල බස් ගාස්තුත් අඩුවේ
අධිවේගී මාර්ගවලද මගී ප්රවාහන බස් ගාස්තුව සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩුවනු ඇත. ඒ පහත පරිදිය,
කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 500ක් ව පැවති ගාස්තුව රුපියල් 460ක් දක්වා
මහරගම සිට මාතර දක්වා පැවති රුපියල් 500ක් ව පැවති ගාස්තුව රුපියල් 445ක් දක්වා
මහරගම සහ ගාල්ල අතර රුපියල් 420ක් ව පැවති ගාස්තුව 375ක් දක්වා
කොළඹ සිට කටුනායක දක්වා රුපියල් 120ක් ව පැවති ගාස්තුව රුපියල් 110 දක්වා අඩු කර තිබේ.
මෙම ගාස්තු සංශෝධන පසුගිය පළමු වන දා සිට ක්රියාත්මක ය.