අනතුරක් දැක උදව් කරන්න ගිය සිසුවිය මියගොස් ඇත්තේ මල්ලි බව දැකලා

null

කළුතර තරුණ සේවා මාවතේ සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ පාසල් වෑන් රථයකට යටවීමෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ දෙල්දුව – වාද්දුව ප්‍රදේශයේ පදිංචි චමෝද් හසින්ත නම් සිසුවෙක්.

එම අනතුර සිදුවන අවස්ථාවේ සිසුවාගේ සහෝදරිය පාසල් ගොස් නැවත පැමිණෙමින් සිට ඇත. මෙම සිද්ධිය දැක ඇය වහාම එම ස්ථානයට දිවගොස් තිබෙන්නේ අනතුරට පත්වූවන්ට උදව් කිරීමටයි. නමුත් අනතුරට පත්ව ඇත්තේ තම සහෝදරයා බව ඇය එම ස්ථානයට යන තෙක්ම දැනගෙන සිට නැත.

එම සෝචනීය අවස්ථාව පිළිබඳව ඇය මෙසේ සඳහන් කර තිබේ…

“ඉස්කෝලේ ගිහින් එද්දී වහනයක් පෙරලිලා තිබ්බා. මම ගියා උදව් කරන්න කියලා. මං දැනගෙන හිටියේ නෑ ඒ මගේ මල්ලි කියලා. ඊටපස්සේ වාහනේ උස්සන්න කට්ටියම එකතු වුණා. එළියට අරන් බලනකොට ඒ හිටියේ මගේ මල්ලි.”

වෑන් රථයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවී ඇති අතර අත්අඩංගුවට පත් රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>