අනතුරකින් විරූපී වූ මුහුණකට මැරුණු අයෙකුගේ මුහුණක් බද්ධ කරලා

null

39 හැවිරිදි Richard Norris ගේ අතින් අත්වැරදීමක් රිවෝලරයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් 1997 දී ඔහුගේ මුහුණ විරූපී තත්වයට පත්වී තිබේ. මෙම අනතුරෙන් ඔහුගේ නාසය, තොල් සහ දත් අහිමි වී ඇත.

එතැන් පටන් ඉතා දුෂ්කර පීඩාකාරී ජිවිතයක් ගත කර ඔහුට සිය මුහුණ යලි යථා තත්වයට පත් කරගැනීම සඳහා සැත්කම් 30කට අධික ප්‍රමාණයක් සිදු කර ඇතත් ඒවා සාර්ථක වී නොමැත. කෙසේ වෙතත් 2012 වසරේදී නැවත ඔහුට අලුත් ජිවිතයක් ලබාගැනීමට වරම් උදාවේ.

21 හැවිරිදි Joshua Aversano නමැති තරුණයා එම වසරේදී හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්වන අතර ඔහුගේ පවුලේ උදවිය ඔහුගේ ශරීර ඉන්ද්‍රියන් මෙන්ම ඔහුගේ මුහුණ ද පරිත්‍යාග කිරීමට පියවර ගන්නේය. ඒ අනුව Richard Norris ට මියගිය Joshua Aversano නමැති තරුණයාගේ මුහුණ බද්ධ කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරන්නේය.

Dr Rodriguez ඇතුළු පිරිසක් පැය 36ක කාලයක් වැය කරමින් ශල්‍යකර්මයක් සිදුකර 2012 වසරේදී Richard Norris ට එම මුහුණ බද්ධ කර තිබේ. මියගිය Joshua Aversano නමැති තරුණයාගේ මුහුණ, දත්, දිව, හකු යොදාගෙන මෙම විශ්මිත සැත්කම සිදුකර ඇත. එම සැත්කම සිදුකර මේ වන විට වසර 3ක් ගතවී ඇති අතර Richard Norris ක්‍රමයෙන් සුවය ලබමින් සිටි.

Joshua Aversano නමැති මියගිය තරුණයාගේ සොයුරිය වන Rebekah Aversano මෙම සැත්කමෙන් පසු ප්‍රථම වරට Richard Norris හමුවන සංවේදී මොහොත මෙම සති අන්තයේ රූපවාහිනී වැඩසටහනකින් විකාශය වීමට නියමිතය. තම සොහොයුරාගේ මුහුණ හිමි කරගත් මෙම පුද්ගලයා හමුවන සොයුරිය සංවේදීව පවසන්නේ ‘Do you mind if I touch it? Wow, this is the face I grew up with.’ (මම ඔබේ මුහුණ ඇල්ලුවට කමක් නැද්ද? මම හැදී වැඩුනේ මේ මුහුණ දිහා බලාගෙනයි) යනුවෙනි.

එම වැඩසටහනේ ප්‍රචාරක පටය පහතින්…

Richard Norris අනතුරට ලක්වීමට පෙර සහ පසු

null null

Richard Norris ට Joshua Aversano ගේ මුහුණ බද්ධ කිරීමෙන් පසු

null null

Joshua Aversano නමැති මියගිය තරුණයා

null

Rebekah Aversano ප්‍රථම වරට Richard Norris හමුවන සංවේදී මොහොත

null

Richard Norris ගේ සැත්කම සිදුකළ Dr Rodriguez

null

Richard Norris මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ආකාරය

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>