අනතුරු දෙකක් සිදුකර පළා ගිය ති‍්‍රරෝද රථයේ මළසිරුරක්

null

වත්තල ප්‍රදේශයේ දී රිය අනතුරු දෙකක් සිදුකරමින් පළා ගිය ත්‍රිරෝද රථයක් පල්ලියවත්ත – පාලම අසල දී පොලීසිය අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් ත්‍රීරෝද රථයේ තිබී සොයාගෙන තිබේ.

එමෙන්ම තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද සිට ඇති බව සඳහන්ය. ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව එම ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන තිබෙන අතර එය වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක අනතුරට පත්කර නොනවත්වා ධාවනය කර තිබේ.

මියගිය පුද්ගලයා හෝ තුවාල ලැබුවන් පිළිබද මේ වනතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>