අනවසරයෙන් පතල් හැරූ දෙදෙනෙක් මරුට

null

රත්නපුර තිරුවානාකැටිය ප‍්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු පතලක් කඩා වැටීමෙන් එහි පස් වලට සිරවී මියගොස් තිබේ.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අද පස්වරුවේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය සඳහන් කර ඇත.

ප්‍රදේශයේ අතහැර දමා තිබු නිවසක් තුළ අනවසර පතලක් හාරමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ. අනතුරෙන් මියගොස් ඇත්තේ 32 හැවිරිදි සහ 38 හැවිරිදි රත්නපුර මාරපන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුරට ලක්වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු මුලින් පතලට බැස ඇත්තේ අමතර ඔක්සිජන් ද රැගෙනයි. එහෙත් ඔහු පැමිණීම ප‍්‍රමාදවීම හේතුවෙන් දෙවන පුද්ගලයා ද පතලට බැස තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

පතලේ පිවිසුම් මෙඟහි ජලය පිරී ඇති බැවින් බැකෝ යන්ත‍්‍රයක් යොදා පස් ඉවත් කොට දෝනාවට පිවිසීමෙන් අනතුරුව මළසිරුරු ගොඩගෙන තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>