අනාගතයේදී පෘථිවියට පිටසක්වල ජීවී ආක්‍රමණයක්

null

ලොව ප්‍රකට භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මහතා පසුගියදා පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

ඔහු විශ්වාස කරන පරිදි ඉදිරියේදී පෘතුවිය පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයකට ලක් විය හැකි බව ඔහු පවසා ඇත. ඒ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.

එය එතරම් සතුටුදායක තත්වයක් නොවනු ඇති බව පවසන ඔහු කොළම්බස් අමෙරිකාවට ගොඩබැස්සා සේ පෘථිවිය දෙස බලා සිටින පිටසක්වල ජීවීන් ද පෘථිවිය ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගත හැකි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

එසේම වඩාත් අපහසු අභියෝගය වන්නේ පිටසක්වල ජීවීන්ගේ ස්වරූපය කෙසේවේදැයි හඳුනා ගැනීම බවද ඔහු පවසා ඇත.

ඔහු මෙලෙස පිටසක්වල ජීවී අාක්‍රමණයක් පිළිබඳ අනතුරු ඇඟවීම වසර 2010 සිට සිදුකර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>