අනියම් ඇසුරක් නිසා දෙදෙනෙකු වෙඩි කයි

null

මාතර, උයන්වත්ත දේවානන්ද පාරේ නිවසක් ඉදිරිපිට අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් 65 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ 16 හැවිරිදි මුණුබුරා තුවාල ලබා තිබේ.

අද (16) උදෑසන 6.45 ට පමණ පැමිණි පුද්ගලයා වෙඩි තබා පලාගොස් තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින කාන්තාවගේ පුත්‍රයා, වෙඩි තැබීමට පැමිණි සැකකරුගේ බිරිඳ සමග සිටින්නේ දැයි සොයා ඔහු අද උදෑසන එම නිවසට පැමිණ තිබෙන බව වාර්තා වේ.

තුවාල ලැබූ 70 හැවිරිදි කාන්තාව සහ 16 හැවිරිදි තරුණයා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර තරුණයා මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>