අනියම් බිරිඳ මරා, නිවස පිළිස්සූ සැකකරුවෙකු අත්අඩංගුවට

null

මැදවච්චිය – වේවැල්කැටිය – පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර ඇයගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

ඒ, කහටගස්දිගිලිය ප්‍රදේශයේ මත්පැන්හලක සිටියදීයි.

ඊයේ උදෑසන 7ට පමණ ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස ගිනි ගන්නා බව දුටු ප්‍රදේශවාසීන් එම ස්ථානයට ගොස් බැලූ විට කාමරයක් තුළ පිළිසී මිය ගොස් සිටි ඇයගේ සිරුර ද හමුවී ඇත.

40 හැවිරිදි මෙම කාන්තාව ඝාතනය කර පසුව නිවසට ගිනි තබා ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

ඇය තම අනියම් සැමියා සමඟ මෙම නිවසේ ජීවත්ව ඇති අතර, සැකකරු මීට පෙර විවාහ වී තම නිත්‍යානුකූල බිරිඳට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත සිට පැමිණි අයෙක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>