අනියම් සබඳතා නිසා තිදරු මවක් මරුට

null

හුදකලාව වාසය කළ බව කියන තිදරු මවක කපා කොටා ඝාතනය කළ බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (16) පස්වරුවේ දුම්මසූරිය – බිබිලාදෙණිය විහාරස්ථානය ආසන්නයේදී මෙම ඝාතනය සිදුවී ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ දුම්මලසූරිය – බිබිලාදෙණිය විහාරස්ථානය ආසන්නයේ පදිංචිව සිටි මංජුලා සුභාෂිණී (අවු:24) නම්වූ තිදරු මවකි. ඇයට වයස අවුරුදු 12 ක දියණියක සහ වයස අවුරුදු 06 සහ 03 වශයෙන් වූ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.

මිට කලකට ඉහතදී ඇගේ සැමියා ඔවුන් අත්හැර දමා ගොස් ඇති අතර ඉන් පසුව ඇය හුදකලාව වාසය කර ඇතත් විටින් විට පිරිමින් කීප දෙනෙකු ඇසුරු කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

ඊයේ පස්වරුවේ ඇය තම මව සමග මහ මග ගමන් කරමින් සිටින විට සැගවී සිට ඇති දෙදෙනෙකු තියුණු ආයුධයකින් ඇයට පහර දී ඇත. තම දියණිය බේරා ගැනීමට උත්සහ කළ මවද කැපුම් තුවාල සහිතව කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. කැපුම් තුවාල සහිතව ඇද වැටී ඇති කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් බිබිලාදෙණිය පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු 37 හැවිරිදි අයෙකි.

කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් වූ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර මිය ගොස් ඇති කාන්තාවගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස කුලියාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළ ඇය අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියම කලාය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>