අනියම් සැමියා එක්ක ගිහින් බිරිඳ සැමියාගෙන් කප්පම් ඉල්ලලා

null

අනියම් සැමියා සමග පැනගොස් සැඟව සිට තමන් පැහැරගෙන ඇතැයි සැමියාට ඇමතුම් ලබා දී කප්පම් ඉල්ලූ කාන්තාව හා එම සැකකාර අනියම් සැමියා කුලියාපිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි කෘෂිකර්ම රක්‍ෂණ කළමණාකාරවරියක් වූ දෙදරු මවක් සහ ඇයගේ අනියම් පෙම්වතා වූ මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ සේවයේ නියුතු හමුදා සෙබලෙකු ය.

තම මිතුරියකගෙන් ලබාගත් ණය මුදලක් ගෙවීමට තමන් එසේ දුරකථනයෙන් ගෙන්වාගත් අනියම් සැමියා සමග එක්ව යතුරුපැදියෙන් කහටගස්දිගිලිය මහපොතානේගම පන්වැල්ල ප්‍රදේශයේ නිවසකට ගොස් සිට ඇති අතර තම දුරකථනයෙන් සැමියා අමතා තමන් හෙට්ටිපොල පල්ලිය අසලදී පැහැරගැනීමකට ලක්වූ බවත් තමන් නිදහස් කිරීමට නම් පැහැරගත් පුද්ගලයා රුපියල් ලක්‍ෂ 5ක් ඉල්ලාසිටින බවත් පවසා ඇත.

පසුව ඇගේ සැමියා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිස් පරීක්ෂණ වලින් දින 4ක් තුල සැකකාරිය සහ සැකකාර අනියම් පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>