අනිසි ලෙස හැසිරුණු නිවුන් සොයුරියන් හා තරුණයන් 3ක් අත්අඩංගුවට

null

නුගේගොඩ ජම්බුගස්‌මුල්ල ප්‍රදේශයේ සුවිසල් දෙමහල් නිවසක උඩුමහලේ දෙමාපියන්ට හොර රහසේ ගංජා උරමින් අනිසි ලෙස හැසිරුණු නිවුන් සොහොයුරියන් දෙදනකු හා තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

මෙම නිවුන් සොහොයුරියන් දෙදෙනා ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන අය බවත්, ඔවුන්ගේ දෙමාපියන් ජාත්‍යන්තර පාසලක ගුරුවරුන් ලෙස කටයුතු කරන බවත් හෙළිවිණැයි පොලිසිය කියයි.

නුගේගොඩ ජම්බුගස්‌මුල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසක්‌ නිවුන් සොහොයුරියන් සිටින දෙමහල් නිවසට මහ රෑ යනු දැක ඇති ප්‍රදේශයේ තරුණයන් පිරිසක්‌ ඒ ගැන පොලිසියට දැනුම් දී තිබේ. පසුව පොලිසිය පැමිණ එම නිවස පරීක්‍ෂා කිරීමේදී නිවුන් සොහොයුරියන් සිටි කාමරයේ රැඳී සිටි තරුණයන් තිදෙනා පොලිස්‌ භාරයට ගෙන ඇත. එම ස්‌ථානයේ තිබී ගංජා සුරුට්‌ටු 2 ක්‌ද පොලිසිය භාරයට ගෙන ඇත. තරුණයන් තිදෙනාද ජත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරා අවසන් කර ඇති අය බවද හෙළිවී ඇත.

මෙම නිවුන් සොහොයුරියන් කාලයක සිට එම නිවසට තරුණයන් ගෙන්වා ගෙන ඇති බවත් මේ ගැන ඔවුන්ගේ දෙමාපියන් නොදැන සිටි බවත් හෙළිවිණැයි පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>