අනුරපුර සමාජශාලා හිමිකරු ඝාතනයේ CCTV දර්ශන

null

අනුරාධපුර – කඩපනහ – මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඒ සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අනුරාධපුර සමාජ ශාලාවකදී සිදුවූ පහරදීමකින් එහි කළමනාකරු බව පැවසෙන වසන්ත ඇලෙක්සැන්ඩර් වික්‍රමද සොයිසා මියගොස් තිබුණි. පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම පහරදීමට සම්බන්ධ බව එම සමාජශාලාවේ රහස් කැමරා පරිශීලනය කළ පසු පොලිසිය කියයි.

කෙසේ වෙතත් අදාළ පහරදෙන ලද මෙහොතේ රහස් කැමරා වල පටිගත වු දර්ශන මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇති අතර එම පහරදීම සඳහා පැමිණි පිරිස මුහුණු ආවරණය කරගෙන එකම ආකාරයට පැමිණ ඇති බවට එහි පෙන්නුම් කරයි.

එම දර්ශන පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>