අනුරාධපුරයේ සමාජශාලා හිමිකරු කපා කොටා ඝාතනය කෙරේ

null

අනුරාධපුරය – කඩපනහ – මුදිතා මාවතේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට ඊයේ (24) රාත්‍රි 11.45 ට පමණ ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් පිරිසක් කඩුවලින් සහ පොලූවලින් පහරදී එහි හිමිකරු ඝාතනය කර තිබේ.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ කරාටේ ශූරයෙකුද වන 57 හැවිරිදි වසන්ත ඇලෙක්සැන්ඩර් වික්‍රමද සොයිසා නැමැත්තා යි.

මෙම පහරදීම සඳහා මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ පැමිණ ඇති අතර, ඔවුන් රාත්‍රි සමාජ ශාලාවේ දේපළවලටද හානි කර තිබේ.

එහිදී බරපතල තුවාල ලැබූ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා නමැත්තා ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එමෙන්ම, පහරකෑමෙන් තුවාල ලැබූ එම රාත්‍රි සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු සේවකයින් තුන් දෙනෙකුද මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

අනුරාධපුර, මුදිතා මාවතේ පිහිටි මෙම පුද්ගලයාට අයත් බව කියන එම රාත්‍රී සමාජ ශාලාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් බවද පැවසෙන අතර එම රාත්‍රී සමාජ ශාලාවට අදාළව අධිකරණයේ නඩු විභාගවෙමින් තිබේ.

මියගිය පුද්ගලයා රූපවාහිනි රියැලිටි වැඩසටහනකදී ගිනස් වාර්තාවකට හිමිකම් කීමට සමත් වූ අයෙක් බවද පැවසෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>