අනුරාධපුර පාළු පාරකදී ජපන් කතක් සිපගන්න හැදු ත්‍රීවිල් රියදුරා

null

අනුරාධපුර පූජා නගරයේ සංචාරයක් සඳහා පැමිණි ජපන් කතක් රාත්‍රියේ තම නවාතැනට යමින් සිටියදී ත්‍රීවිල් රියදුරෙකු පැමිණ ඇයට අතවර කිරීමට උත්සහ කර තිබේ.

42 හැවිරිදි රූමත් ජපන් කාන්තාව අනුරාධපුර නගරයේ උතුරු මැද පළාත් සභාව අසළ මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයක සතියක පමණ කාලයක් ලැගුම්ගෙන සිට ඇත. පසුගිය දිනෙක රාත්‍රී 9 ට පමණ ඇය තමන්ට අවශ්‍ය කළමනා කිහිපයක් ලබාගැනීම සඳහා අසළ පිහිටි සුපිරි වෙළඳ සැලක් වෙත පයින් ගමන් කර තිබුණි.

ඒවා ලබාගැනීමෙන් අනතුරුව නැවත තමන් සිටි නවාතැන වෙත ඇය පාළු පාරේ එද්දී එක්වරම පැමිණි ත්‍රීරෝද රියක් ඇය පසුකර හරහට නවතා ඇත. ඉන් බැසගත් තරුණ රියදුරු ඇය වෙත දිව ඇවිත් ‘කිස් මී..’ කියා ඇය සිපගන්නට උත්සාහ කළ බවත් ඇය වැරෙන් ඔහු ඉවතට තල්ලූකර දමා හෝටලය වෙත පැන ආ බවත් වාර්තා විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කම්පනයට පත් ජපන් කාන්තාව පසුදා උදෑසන පොලිසියට පැමිණිලි කර තිබේ. ඇය පවසා ඇත්තේ ඇයට ත්‍රීරෝද රථයේ අංකය මතක තබාගන්නට හැකිවුවත් එහි ඉංග්‍රීසි අක්ෂර දෙක මතක නැති බවයි.

සැකකාර පුද්ගලයා සොයා පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>