අනුරාධපුර මහ රෝහලේ ගින්නක්

null

අනුරාධපුර මහ රෝහලේ මහල් 6 න් යුතු ගොඩනැඟිල්ලක් වන ‘මහාචාර්ය ඒකකයේ’ අද අළුයම හදිසි ගින්නක් හටගෙන තිබේ.

68 වැනි වාට්ටුව වශයෙන් සැලකෙන මෙම ඒකකයේ රෝගීහු වෙනස් වාට්ටුවලට මාරු කරනු ලබා තිබේ.

අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය,රෝහල් කාර්ය මණ්ඩලය හා පොලීසිය එක්ව මේවන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

රුපියල් කෝටි 25 ක් පමණ වටිනා එම්.ආර්.අයි ස්කෑනරය සවි කරගෙන යද්දී ගින්න හටගත් බව පෙනේ යයි රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්.අතපත්තු මහතා පවසා ඇති අතර
ගින්නෙන් ස්කෑනරයට හානි සිදුවී දැයි මෙතෙක් දැනගන්නට ලැබී නැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>