අනුර කුමාර රිය අනතුරකින් රෝහල් ගත කෙරේ

anurakumara
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා රිය අනතුරකට පත් වී රෝහල්ගත කර තිබේ. ඊයේ පෙරවරු 10.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර පසුව ඒ මහතාව රත්නපුර මුලික රෝහලට අතුළත් කර බව වාර්තා ‍වෙයි.
මේ වන විට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරින් ඒ මහතා‍ගේ පාදයට සුළු තුවාල සිදු වී ඇති බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් වාර්තා වේ. රත්නපුර, හොරණ මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් අදාල අනතුර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත්, රියදුරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඔහුගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගොස් ඇත.
ranil

(ඡායාරූප : lankadeepa.lk)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>