අපරාධ 750කට රාජපක්ෂ පවුල සම්බන්ධයි

null

පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ හා මිනීමැරුම් සම්බන්ධයෙන් වන පැමිණිලි අතර වංචා දූෂණ මිනීමැරුම් 750කට රාජපක්ෂ පවුල සම්බන්ධ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඍජුවම සම්බන්ධ බවට පැමිණිලි 25 ක් පිළිබඳවත්, ඔවුන්ගේ ඍජු හෝ වක්‍ර සබඳතා සහිත පැමිණිලි 725 ක් පිළිබඳවත් විමර්ශන සිදුකරන බව හෙතෙම සඳහන් කර ඇත.

ඒ ඊයේ (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එම පැමිණිලි චෝදනා සියල්ල විමර්ශනය කිරීමට යම් කාලයක් ගත වන බවත්, එහි සඳහන් එක් පැමිණිල්ලක් විමර්ශනය කිරීමට අදාළ නිලධාරීන්ට රටවල් හයකට යාමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

කොපමණ කාලයක් ගතවුවද ජනතාවට පොරොන්දු වූ ආකාරයටම පසුගිය ආණ්ඩුව සමයේ ජනතාවට, රටට අහිමි වූ ධනය නැවත ලබාදීමට යහපාලන ආණ්ඩුව ක්‍රියාකරන බවද මංගල සමරවීර මහතා වැඩි දුරටත් පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>