02 Apr 2015
අප්‍රේල් 20න් පසු බැසිල් ලංකාවට
රුපියල් කෝටි ගණනක් මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මස 20 වැනිදාන් පසු දිනක දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ යු අර් ද සිල්වා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා හමුවේ පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් 20 ට පසු දිනක ශ්‍රී ලංකාට පැමිණ මුල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් කරනු ඇති බවයි.
ඔහු ඇමරිකාවේ වෛද්‍ය ප්‍රතාකාර ලබන බවද නීතීඥවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති මූල්‍ය චෝදනා නඩුව අද දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල ඉදිරියේ යළි කැඳවනු ලැබු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.