31 Jan 2015
අප්‍රේල් 23න් පසු පාර්ලිමේන්තුව විසුරුවනවා
අප්‍රේල් 23 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
අද පස්වරුවේ සෙංකඩගල එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනම තරග කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කල බව නෙත් නිව්ස් වාර්තා කරයි.
මේ අතර, කැබිනට් ප්‍රකාශක, ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වෙන බවයි.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.