අපි වරද්ද ගත්තෙ දින 100 ඉස්සරහට දාගෙන

null

තම ආණ්ඩුව වැඩ වරද්ද ගත්තේ දින 100 ඉස්සරහට දාගෙන ක්‍රියා කල නිසා බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) හාලිඇල නගරයේ 307 වැනි ලංකා සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

අද පුවත් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ…

“අපි හදාගත් ආණ්ඩුවෙන් අද අපිම පරිප්පු කනවා. අපි වරද්ද ගත්තෙ දින 100 ඉස්සරහට දාගෙන. නමුත් දින 100 යටතේ විශාල වැඩකොටසක් පළාතටත්, ජනතාවටත් අපිට කරන්න හැකිවුණා.

දැන් සමහර පක්ෂ ඉන්නෙ උද්ඝෝෂණවලට විතරයි. උද්ඝෝෂණ විතරයි කරන්න දන්නෙ. කොත්තමල්ලි අඩුවීම ගැන කියනවා. ඒ අය දැනගන්න ඕන කොත්තමල්ලිත් ගේන්නෙ පිටරටින් බව. මේ සඳහා විශාල මුදලක් වැයවෙනවා. මහ ඇමතිකම කොතරම් කාලයකටද කියා මම දන්නෙ නැහැ. ඉන්න කෙටි කාලය තුළ පුළුවන් වැඩක් කරනවා. ඒක මගේ සතුට. යහපාලනය අපි විශ්වාස කරනවා. අපි සංස්කෘතිය, ආගම දහම, අධ්‍යාපනය ආරක්ෂා කරමින් සෞඛ්‍ය ආරක්ෂා කරගත්තොත් හොඳ ගමනක් අපට යන්න පුළුවන්.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>