අපි හොරැ අල්ලද්දි හිටපු ජනපති හොරැ සනසන්න යනවා

null

සමාජ සේවා , සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (20) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන ඒකකයට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නව පැමිණිලි කිහිපයක් මෙන්ම තමන් විසින් මීට පෙර ඉදිරිපත් කළ පැමිණිලි ගැන සොයා බැලීම සිදුකළ බව ය.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ වත්මන් ආණ්ඩුව හොරැ අල්ලන විට ඒ හොරැ සනසන්නට හිටපු ජනපති මේ දිනවල යන බව යි.

අද පුවත් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

මේ දින කිහිපය තුළ අල්ලස් හෝ දූෂණ කොමිසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව සතුටු වෙන්නට පුළුවන්. ලංකාවේ ලේසි පහසු හොරැ නෙවෙයි ඉදලා තියෙන්නේ. ඉන්න ඉතාම ඉහළ මට්ටමින් තාක්ෂණයට අනුව හොරකම් කරපු හොරැ ඉදලා තියෙන්නෙ. ඔවුන් අල්ලන්නට ලොකු කාලයක් යයි. නමුත් ළඟදීම තෝරැ මොරැ අල්ලයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මට ලැබුණු අලුත්ම තොරතුරැ අරගෙන ආවා. ජනතාව දන්න තොරතුරැ මට ගෙනත් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි හොරැ අල්ලනවා. අපි අල්ලන හොරැ බලන්න හිටපු ජනපති යනවා. ගිහිල්ලා ඒ හොරැන්ව සනසනවා. ඒ ජනාධිපතිතුමා බලයේ ඉද්දි කිව්වෙ මම ළඟ ෆයිල් තියෙනවා. ඒවා එළියට දාන්නෙ නෑ කියලනෙ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>