අභ්‍යවකාශ වස්තුවක් ගාලු මුහුදට කඩා වැටෙනවාලු

null

අඩි හතක්‌ පමණ විශාල අභ්‍යවකාශ වස්තුවක් එළැඹෙන නොවැම්බර් 13 වනදා ශ‍්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට කඩා වැටෙනු ඇතැයි අභ්‍යවකාශ විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ.

මෙය මීට අවුරුදු 40 කට පෙර අභ්‍යවකාශයට යවන ලද ඇපලෝ යානයේ කොටසක්‌ හෝ ලුනා නම්වූ අභ්‍යවකාශ යානාවේ කොටසක්‌ විය හැකි බව විමර්ශකයෝ පවසති.

මෙම වස්‌තුව 1990F ලෙස නම්කර ඇති අතර මුලින්ම 2012 වසරේදී හෝ පෘථිවියට පතිතවනු ඇතැයි බලාපොරොත්තු විය.

කෙසේ වෙතත් මෙමගින් කිසිවෙකුටත් හානියක් සිදු නොවනු ඇති බවද ආචාර්ය කාවන් රත්නතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

ලබන 13 වැනිදා පස්වරු 11.50ට පමණ මේවා කඩා වැටීමට නියමිත බව පවසන ඇමරිකානු තාරකා විද්‍යාඥයෝ ඒ සම්බන්ධයෙන් ධීවරයන්ට අවදානයෙන් සිටින ලෙසද අනතුරු අඟවයි.

පෘථිවි කක්ෂයට ඇතුළුවෙද්දී මේ සුන්බුන් ගිනිගත හැකි බවට ඔවුන් අනුමාණ කළද ඒවායේ හැසිරීම් රටාව පිළිබඳව පූර්ව නිගමනයක් කළ නොහැකි බවද ඔවුන් කියා සිටී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>