අමන්දාගේ පෙම්වතා සුදු හා පැටියෙක් වගේලු

null

පසුගිය කාලය පුරාවට සමාජ ජාල තුල පුවත් මවපු සුරුපිණීයක් අමන්දා. අකිලගේ අමන්දාගේ ආදර සම්බන්ධය බිදවෑටිම සමාජ ජාල උනුසුම් කරා ඔන්න අපිට ආරංචියක් අවා අමන්දා දෑන් ආදරවන්තියක් වේලා කියලා. මේ පිළිබදව අමන්දා සතිඅන්ත පුවත්පතකට කියලා තිබුනා රස කතා ගොඩක් අමන්දගේ අලුත් තොරතුරු එක්ක අපි දෑන් ඔයාලට ඒ පුවත් සටහන අරගෙන එනවා.

අමන්දා මේ දවස්වල දුම්මල වරම අතට අරන් කියලා අපිට ආරංචි වුණා ?

නැහැ. එහෙම වෙලා නැහැ නේ.

මොකද්ද එහෙනම් මේ මුහුණු පොතේ ස්ටේටස් කතාව ?

ඒ තරහ ගිහින් දාපු ස්ටේටස් එකක් නෙමෙයි දන්නැද්ද ඒ මගේ හැටි නේ…

අමන්දාට හිත රිදෙන යමක් වුණේම නැද්ද?

මං කවුද මොන වගේද කියලා දන්නේ වත් නැති සමහරු මගේ පෞද්ගලික ජීවිතය ගැන විවිධ කතා පතුරනවා කියලා ආරංචියක් ආවා. ඉතින් ඒ අයට වදින්න තමයි මම ෆෙස් බුක් එකේ එහෙම ස්ටේටස් එකක් දැම්මේ.

මොන වගේ කතාද දැන් ඔය පතුරුවලා තියෙන්නේ?

මගේ පෙම්වතා ගැන. මං මේ වනතුරු ඔහු ගැන කිසිම දෙයක් කියලා නැහැනේ. ඉතින් මට පෙම්වතෙක් ඉන්නවා කියලා දන්න සමහරු මගේ පෙම්වතා කව්ද කියලා දන්නෙත් නැතිව ඔහුට විවිධ ප්‍රතිරූප දෙන්න උත්සහ කරනවා. මම ඒවාට කැමැති නැහැ. ඒවා කිසිම හරයක් නැති ඕපා දූප.

ඉතින් දැන් එහෙම ස්ටේටස් එකක් දැම්මා කියලා ප්‍රශ්නේ විසඳුනාද?

ඒක නම් දන්නේ නැහැ. හැබැයි කට්ටිය ඉතින් තරහ ගන්න එපා කියලා මට පණිවුඩ එවලා තිබුණා.

ආදරණීය D කව්ද කියලා කිව්වා නම් ඔය අනවශ්‍ය කතා අහන්න වෙන්නේ නැහැ නේ?

තව ටික කාලයක් මෙහෙම ඉඳලා බඳින දවසටම ඔහු ගැන කිව්වාම ඇති. දැන්ම කියන්න ගියොත් අර වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

ආදරණීය Dට තවත් නම් කිහිපයක්ම තියෙනවාලූ නේද?

මං කියන්නේ සුදු හා පැටියා කියලා මොකද ඔහු හා පැටියෙක් වගේ. ඒ වගේ තව නම් ගොඩක් තියෙනවා.

දැන් එක වහළක් යටට වුණොත් හොඳ නැද්ද?

තවම නැහැ. ඒ ගැන තව ටිකක් කල්පනා කරන්න ඕනේ. ඒවා කෙහොමත් අවශ්‍ය වෙලාවට සිද්ද වෙයි.

අමන්දා ගේ විලාසිතා වලට ඔහුගෙන් තහංචි නැද්ද?

කිසිම අකැමැත්තක් නැහැ. මම කරන්නේ රස්සාවක් කියලා ඔහුට හොඳ වැටහීමක් තියෙනවා. මං වැරැද්දක් නොකරන නිසා කොටට අඳින එක ගැන ඔහුට ප්‍රශ්නයක් නැහැ.

නිරූපණයේදී අමන්දාගේ මගපෙන්වන්නෝ ගැන මං ඇහුවොත්?

ඔව්. අනිවාර්යෙන්ම මගේ තාත්ති, මාමි සහ ඊළග කෙනා බ්‍රයන් කෙකෝවන්. මං තැනක ඉන්නවා නම්, මේ වෙද්දි ලංකාවේ තිඛෙන හොඳම ෆැෂන් ෂෝස් වලට එකතු වෙලා තියෙනවා. ඒ අවස්ථා මට ලැබුණේ ඔහුගේ මග පෙන්වීම මතයි.

ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට අදහසක් නැද්ද?

මේ වෙද්දි මම ඕනෑ තරම් එවැනි ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙලා ඉන් බොහොමයක් පැජන්ට්ස් ජයග්‍රහණය කර තියෙනවා. ඒ හැම දේ ගැනම දැන් මං තෘප්තිමත්. ඉතින් ඉදිරියේදී ෆැෂන් ෂෝස් කර ගෙන පාඩුවේ ඉන්නවා.

කෑමට ඇයි මෙච්චර කෑදර?

අනේ එහෙම ඉතින් කැත විදිහට අහන්න එපා (හිනැහි) මං ඉතින් කෑම වලට ආසයි. හැබැයි රස කෑම ජාති වලට. එක මගේ හොබි එකක් වගේ. වෙලාවකට මට ප්‍රශ්නයක් වගේ දැණුනොත් මං කල්පනා කරන්නේ මොකද්ද ඒ ප්‍රශ්නේ කියලා. නමුත් ඒ වෙලාවට මොනවා හරි රස කෑමක් කන්න තිබුණොත් ප්‍රශ්නෙත් එතනින් ඉවරයි. බලන් යද්දි මට තිබිලා තියෙන්නේ බඩගින්නත් එක්ක ආපු ප්‍රශ්නයක්.

අමන්දා රංගනයෙන් දැන් ඈත් වෙලාද?

මං කැමැතියි. නමුත් පිළිවෙළකට කෙරෙන හොඳ දෙයක් ආවොත් විතරක් භාර ගන්නවා. එහෙම නැත්නම් මුකුත්ම කරන්නේ නැහැ.

ටානියා මෝසස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>