අම්පාරේ ගිනි තබාගත් පුද්ගලයා රෝහලේදී මරුට

null

අම්පාර නගරයේ මූල්‍ය ආයතනයකදී ඊයේ (02) දහවල් ගිනි තබා ගත් පුද්ගලයා අද (03) අලූයම අම්පාර රෝහලේ දී ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකි.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි ඔහු අදාළ මූල්‍ය ආයතනයෙන් කල් බදු පදනම මත ටිපර් රථයක් ලබාගෙන තිබෙන අතර ණය වාරික ගෙවාගැනීමට නොහැකිව තිබියදී ටිපර් රථය නැවතත් අදාළ මූල්‍ය ආයතනය මගින් අත්පත් කර ගැනීම නිසා ඇති වූ සිත් තැවුල හේතුවෙන් මෙලෙස ඔහු ගිනි තබා ගෙන තිබේ.

එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලැබු පුද්ගලයා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද අලුයම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔහුගේ සිරුර පිළිබද මරණ පරීක්ෂණය අද දිනය තුළ සිදුකිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>