අම්බලන්ගොඩ යුවළක් කපා කොටා ඝාතනය කරලා

null

ගාල්ල – අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවසක් තුළදී යුවලක් තියුණු ආයුධවලින් පහරදී ඊයේ (19) රාත්‍රියේ ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 10ට පමණ ඝාතනය සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 62 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වී ඇත.

අදාළ යුවලට පිරිමි දරුවෙකු සිටින අතර සිද්ධිය වන අවස්ථාවේදී ඔහු විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසෙන් බැහැරව ගොස් තිබෙන අතර එම අවස්ථාවේ ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>