“අම්මේ මට සමාවෙන්න” යැයි ලියා සිසුවෙක් අතුරුදන්

null

රත්ගම දේව පතිරාජ විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙකු අතුරුදහන් වී ඇති බවට හිරු නිව්ස් වාර්තා කරයි. ඊයේ ඔහු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් එම සිසුවාගේ දෙමාපියන් විසින් රත්ගම පොලිසියට ඒ පිළිබඳව පැමිණි කර ඇත.

ඒ අනුව එම සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර අද කරන ලද සෝදිසි කිරීම් වලදී ගිංතොට ගිං ගඟ අසල එම සිසුවාගේ පොත් බෑගය, සෙරප්පු දෙක සහ ඔහු ලියු ලිපියක් සොයාගැනීමට හැකිව තිබේ. තවද නව පාවහන් යුගලක් ලබා ගැනීම සඳහා දෙමාපියන් එම සිසුවාට ලබාදුන් මුදල් ද එහි තිබී සොයාගෙන ඇත.

මෙහිදී හමුවූ ලිපියේ “අම්මේ මට සමාවෙන්න” යනුවෙන් සඳහන් කර ඇති බව පැවසේ.

ගාල්ල පොලිසියද එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>