අමුණුගමට කැබිනට් ඇමති ධූරයක්

null

විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දී තිබේ.

අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය එ්කකය සඳහන් කරයි.

ආචාර්ය අමුණුගම මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස 2010 අප්‍රේල් වනතුරු පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඔහු පසුගිය මහමැතිවරණයෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් නම්කරන ලද මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>