අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02 දිවයිනට

null

අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

වොෂින්ටනයේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිල වශයෙන් එය නිවේදනය කර ඇති අතර ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන මැයි 2 වැනිදා සහ තුන්වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත.

ඉකුත් පාලන සමයේ අමෙරිකාව-ශ්‍රීලංකාව අතර දුර්වලව පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගනු පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව , එනම් විශේෂයෙන් පැවති යුදමය වාතාවරණය තුළ සිදුවූ අකටයුතුකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි කියැවෙයි.

2004 වසරෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි. එමෙන්ම එය වත්මන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ප‍්‍රථම ශ්‍රී ලංකා සංචාරයද වනවා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>