අමෙරිකාවේ යෝජනාව ගැන මහින්ද කතාකරයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔහු පෙන්වාදෙන්නේ අදාළ යෝජනාව ඡන්ද විමසීමකට නොගොස් සම්මුතියකින් පිළිගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ එය ලංකාවට වාසීදායක ආකාරයට සැර අඩුකොට ඇති බවට යන පදනමේ සිට බවයි.
එහෙත් අමෙරිකාව ඇතුළු රටවල් ඉදිරිපත් කර ඇති යෝජනාවේ ක්‍රියාන්විත ඡේද පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
අදාළ යෝජනාවේ අංක එක, හතර, හය, අට යන කි‍්‍රයාන්විත චේද පිළිබඳ බරපතළ ප්‍රශ්න ඇති බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ලංකාව පිළිබඳ මෑතදී නිකුත් කරන ලද වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතු බව අමෙරිකානු යෝජනාවේ ද දැක්වේ.
යටගියාව සම්බන්ධයෙන් කි‍්‍රයාකිරීමට බිහිකරන යාන්ත්රණයට විදේශ රටවලින් ආධාර ලබාගැනීමට ඉඩ දිය යුතු අතර එමගින් අධිකරණමය සහ වෙනත් ආයතනවල සේවකයින්ගේ වැටුප් පවා විදේශ බලවතුන් විසින් ගෙවනු ලබන තත්ත්වයක් ඇති වන බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව යටතේ දේශීය යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණ පවත්වන බව කීව ද අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවේ කි්රයාවන්විත චේද අංක 6 අනුව එය බොරුවක් බවට පත්වන බවද ඔහු පෙන්වාදෙයි.
ඊනියා යුධ අපරාධ විමර්ශනය කිරීමට අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු අතර ඒ සඳහා විදේශීය විනිශ්චයකාරවරුන්, විමර්ශන නිලධාරීන් සහ නීතීඥයින් සහභාගී කරගත යුතු බවට ද අදාළ යෝජනාවේ ඇතුළත් බැවින් එය හුදෙක්ම දේශීය යාන්ත්‍රණයක් යැයි ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය සාවද්‍යය බව ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සැකයක් ඇති ආරක්ෂක හමුදා සාමාජිකයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නොතිබුණ ද පරිපාලන කි‍්‍රයාදාමයකින් ඔවුන් සේවයෙන් ඉවත් කළ යුතු බව කි‍්‍රයාන්විත චේද අංක අටෙහි දැක්වෙන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එබැවින් ආණ්ඩුව අදාළ යෝජනා සම්මුතිවාදීව පිළිගෙන ඒකඡන්දයෙන් සම්මත කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ශ්‍රී ලංකාවට හානි කර මෙවන් නිර්දේශ ඉවත් කරගත යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.