අයවැයෙන් අඩු කළ බඩු වල සහතික මිළ
නව රජයෙන් ඉදිරිපත් කල අතුරු අයවැයෙන් භාණ්ඩවල අඩු වූ මිළ ගණන් ජනතාවගේ දැන ගැනීම සදහා ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අතුරු අයවැය මගින් භාණ්ඩවල මිළ ගණන් අඩු කිරීමෙන් ලැබිය යුතු ප්රතිලාභ පාරිභෝගියන් වෙත නොලැබීම සැලකිල්ලට ගෙනය.
ඒ අනුව ඊයේ (24) එම ගැසට් පත්රය නිකුත් කරනු ලැබු අතර පාරිභෝගික සේවා අධිකාරි අධ්යක්ෂ ජෙනරාල් ජේ.එම්.ඒ ඩග්ලස් මහතා පවසා ඇත්තේ අයවැයෙන් දුන් සහන පාරිභෝගිකයින්ට ගලායන බව සහතික කිරීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.
ගැසට් නිවේදනයක් මගින් ප්රසිද්ධ කළ මිල ගණන්වලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.
භාණ්ඩ වල සහතික මිල සහ එම ගැසට් පත්රය පහතින් දැක්වේ.
සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිල කිලෝග්රෑම් 01කට රුපියල් 87.00
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක් උපරිම මිල රුපියල් 325.00 සහ කිලෝග්රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 810.00
තිරිඟු පිටි කිලෝග්රෑම් 01ක උපරිම මිල රුපියල් 87.00
මුංඇට කිලෝග්රෑම් 01ක උපරිම මිල වන්නේ රුපියල් 265.00
ආනයනික වියළි හාල්මැස්සා උපරිම සිල්ලර මිල කිලෝග්රෑම් 01ක රුපියල් 385.00
උම්බලකඩ කිලෝග්රෑම් 01ක උපරිම මිල සිල්ලර මිල රුපියල් 1740.00
ටින්මාළු ග්රෑම් 425, රුපියල් 140.00කට ද ග්රෑම් 155, රුපියල් 70.00
කුඩු කළ හෝ ඇඹරු කහ සඳහා උපරිම සිල්ලර මිල කිලෝග්රෑම් 01කට රුපියල් 80.00
කුඩු කළ හෝ ඇඹරු වියළි මිරිස් සඳහා උපරිම සිල්ලර මිල කිලෝග්රෑම් 01කට රුපියල් 400.00