අයවැය අවසන් ඡන්ද විමසීම අද

null

2015 අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය නොවැම්බර් 1 වන දා පැවැත්වුණු අතර එය වැඩි ඡන්ද 100කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 57ක් පමණයි.

අයවැයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ සෙසු සියලූ පක්ෂ ඡන්ද ලබා දුන් අතර ඊට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ අර්ජුන රණතුංග මන්තී‍්‍රවරයා සහ ස්වාධීන මන්තී‍්‍ර අජිත් කුමාර මහතා යි. ඡන්දය ප‍්‍රකාශ කරන අවස්ථාවේ ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු සභා ගැබේ රැදී සිට නොමැත.

මෙවර අය වැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට ජාතික හෙළ උරුමය පක්ෂය තීරණය කර තිබෙන අතර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>