අයවැය අවසන් ඡන්ද විමසීම අද

null

නව ආණ්‌ඩුවේ ප්‍රථම අයවැය ලේඛනය පිළිබඳ අවසන් ඡන්ද විමසීම අද (19) සවස 5.00 ට පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හෙට දිනයේ පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බව වාර්තා වේ.

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 02 වනදා සිදු කෙරුණු අතර එහිදී අයවැය වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී අයවැය ලේඛනයට පක්‌ෂව ඡන්ද 159 ක්‌ සහ විරුද්ධව ඡන්ද 52 ක්‌ ලැබිණි. මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටියේ නැත.

අයවැය තුන්වර කියෑවීමේ ඡන්දය විමසන අද (19) දිනයේ පෙරවරු 9.30 සිට සවස 5.00 දක්‌වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ සහ මුදල් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදය සිදු කෙරේ.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව දැක්වූ විරෝධතා හේතුවෙන් අවස්ථා කිහිපයකදී අයවැය සංශෝධනය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්හ.

ඒ අනුව අයවැය හිඟය පියවිම සඳහා වන නව යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>