අයවැය යෝජනා කිහිපයක් යළි වෙනස් වන ලකුණු

null

අයවැය යෝජනා කිහිපයක් යළි සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (18) පැවති මාධ්‍යහමුවකදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කර තිබේ.

මෙවර අයවැය කාරක සභා අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන දහසයක් සඳහා එකඟතාවය පළ වී ඇතැයි හෙතෙම පවසයි.

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල ඒකාබද්ධ නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි පොරොන්දුවක් ලබා දුන් බවත් වාහනයක් මිලදී ගැනිම සදහා දැනට ණයවර ලිපි විවෘත කර ඇති වාහන පෙර මිලටම වාහන මිලදී ගත හැකි බවත් ඉලෙක්ට්‍රික් මෝටර් වාහන සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී යම් තීරණයක් ගැනිමටද එකඟතාව පළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය. රජයේ ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලට ලබාදීම වෙනුවෙන් ගෙනතිබූ තීරණය කිසිසේත් කිසිසේත් ක්‍රියාත්මක නොකිරීමට ද එකඟතාව පළවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ප්‍රකාශ කළහ. වී වලට ලබාදුන් පොහොර සහනාධා‍රය තේ පොල් රබර් සඳහා ලබාදීමටත් එළවළු පළතුරු ඇතුළු අතිරේක භෝග සඳහා මේ සහනාධාරය ලබාදීම, වාහන දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ලෙස සංශෝධනය කිරීම, දිවිනැඟුම අරමුදල හෙවත් සමෘද්ධි අරමුදල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අනුබද්ධ කිරීමට ගෙනතිබූ තීරණය නතර කිරීම, බැංකුවලින් තම මුදල් ලබාගැනීමේදී යම් මුදල් ප්‍රමාණයක් කපා හැරීම නතර කිරීම, පොල් ආනයනය නවතා දැමීම, ලීසිං පහසුකම බැංකුවලින් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය නවතා දැමීම ඇතුළු සංශෝධන දහසයක් සඳහා මෙලෙස එකඟතාව පළව ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමැති රවි කරුණානායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු අතර පාර්ලිමේන්තු සංකිර්ණයේදි ඊයේ (18) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>