අයහපත් කාලගුණයෙන් තවදුරටත් පීඩා

null

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, උතුරුමැද, ඌව සබරගමුව සහ බස්නාහිර පළාත් වලට අයත් දිස්ත්‍රික් 17ක පවුල් 185,079ක් පීඩාවට පත්ව තිබේ.

ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පුද්ගල මරණ 04ක් සහ තුවාල ලැබූ සිද්ධීන් 05ක්ද, අතුරුදන්වීම් 02 ක්ද වාර්තා වන බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන අතර මුහුදු යාමෙන් සහ වෙරළේ ගැවසීමෙන් වැළකී සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කෙසේ වෙතත් දිවයිනේ ගිනිකොණ දෙස පවතින අඩු පීඩන කලාපයේ බලපෑම නිසා ඇති වී තිබෙන අධික වැසි සහිත කාලගුණක තත්ත්වය මේ මස 28 වැනිදා දක්වා පවතින බවත්, ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් වැසි තත්ත්වය අඩු වී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>