11 Sep 2015
අයින්ස්ටයින් පැරදූ 12 හැවිරිදි දැරිය
බුද්ධි පරීක්ෂණයකට මුහුණ දී ලොව මෙතෙක් බිහි වූ බුද්ධිමත්ම විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙපලව පසුකර යෑමට 12 හැවිරිදි පාසල් දැරියක් සමත්වී තිබේ.
බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේ උපන් ලිඩියා සෙබස්තියන් නම් වූ දොළොස් හැවිරිදි මෙම දැරිය MENSA ආයතනය මඟින් පවත්වන බුද්ධි පරීක්ෂණයකට මුහුණ දුන් පසුව මීට පෙර මෙම බුද්ධි පරීක්ෂණයට මුහුණ දුන් ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙදෙනාම ලබාගෙන ඇති ලකුණු 160 පසු කරමින් ලින්ඩා ලකුණු 162ක් ලබාගෙන එම පරීක්ෂණයෙන් ලොව පුද්ගලයෙකු ලබා ගත් වැඩිම ලකුණු අගය වාර්තා කර තිබේ.
ඒ අනුව ලොව බුද්ධිමත්ම පුද්ගලයා වයස අවුරුදු 12ක පුංචි ලිඩියා වනු ඇත.