අයි.එස්. සටන්කාමීන් ග්‍රහණයේ සිටි ජපනාගේත් හිස ගසා දැමේ

null

සිරියාවේදී අයි.එස් කැරලිකරුවන්ගේ ග‍්‍රහණයට ලක්වූ ජපන් ජාතිකයන් දෙදෙනාගෙන් එක අයෙකු කැරලිකරුවන් විසින් ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ජපාන රජය දැඩි උදහසට පත්වී සිටින අතර ජපන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සිය රට කිසිදිනක ත්‍රස්තවාදයට හිස නොනමන බව ය.

පසුගියදා එම ජපන් ජාතිකයින් දෙදෙනා දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් කරමින් පැය 72ක් ඇතුළත ජපන් රජය තමන්ට අමෙරිකන් ඩෙලර් මිලියන 200ක මුදලක් ලබා නොදෙන්නේ නම් ඔවුන් ඝාතනය කරන බවට අයි.එස්. සටන්කාමීන් අනතුරු ඇඟවීමක් කළේ ය.

නමුත් අදාල කාලය තුල එම මුදල් ලබානොදීම නිසා ජපන් ජාතිකයන්ගෙන් එක අයෙකු මෙලෙස ඝාතනය කර තිබෙන අතර අනෙක් පුද්ගලයා නිදහස් කිරීමට නම් සටන්කාමීන් තවත් නවතම ඉල්ලීමක් ජපන් රජය වෙත යොමු කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ හරුනා යකුවා නැමැත්තෙකු වන අතර ඔහු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත් ආයතනයක් පිහිටුවීම සඳහා සිරියාව ගොස් සිටි අයෙකි.

කෙන්ජි ගොටෝ නමැති අනෙක් ජපන් ජාතිකයා තවමත් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවාගෙන තිබේ. ඔහු පසුගිය අගෝස්තු මාසයේ සිරියාවට ගොස් සිටි මාධ්‍යවේදියෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>