02 Nov 2014
අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2015 අය වැය දෙවන වර කියවීම ඊයේ (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 100 කින් සම්මත වී තිබේ. ඊට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.
අයවැයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ සෙසු සියලූ පක්ෂ ඡන්ද ලබා දී ඇති අතර ඊට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය මෙන්ම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ අර්ජුන රණතුංග මන්තී‍්‍රවරයා සහ ස්වාධීන මන්තී‍්‍ර අජිත් කුමාර මහතා යි.
ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු සභා ගැබේ නොසිටි බවද මන්තී‍්‍රවරුන් දස දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි බවද වාර්තා වේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, එක්සත් ජාතික පක්ෂයේ සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය සහ රවී කරුණානායක යන මන්තී‍්‍රවරුන්ද එ් අතරට අයත්.