අරක්කු, බත් පැකට් දී මිනිසුන් හැඬවීම කැත වැඩක්

null

2009දී යුද්ධය අවසන් වීමෙන් පසුව රටට නිදහස ලැබුණු බව පැවසුණද සත්‍ය වශයෙන් නිදහස ලැබුණේ එක පවුලකට හා ඒ පවුලේ වටේ හිටි අයට පමණක් යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ මව්වරුන්ට සහ භාර්යාවන්ට ප්‍රණාම පිරිනැමීමේ උත්සවයකට කොළඹදී ඊයේ (31) එක්වෙමින්.

යුද්ධය අවසන් වීමෙන් පසු වසර 6ක් ගතවී ඇති බවත්, ඉන් කෝටි ගණනක් මුදල් ඉතිරි වන බවත්, රට සුරපුරයක් කිරීමට හැකිව තිබුණත්, එහි ප්‍රතිලාභ ජනතාවට නොලැබී වෙන වෙන අයට එහි ප්‍රතිලාභ හිමිවූ බවත්, ඇය කියයි.

“ඡන්දයක් කරලා පැරදිලා ගියාට පස්සෙ ආණ්ඩු බලයට එන්න තියෙන පෙරේතකමට යළිත් යුද්ධය විකුණාගෙන කන්න හදන එක අපරාධයක්..මටත් ඕන නම් අරක්කු සල්ලි දීලා මේ අය ගෙන්වනවා වගේ දහස් ගණන් මිනිස්සු හොරගොල්ල අපේ ගෙදරට ගෙන්වාගෙන බිම පෙරලි පෙරලි අඬවන්න තිබුණා..ඒ වගේ කැත වැඩ කරන්න මට බෑ..ඒක මගේ ජානවල නෑ..
කට්ටියක් ඡන්දයක් පැරදිලා තියෙනවා..තව කට්ටියක් දිනලා තියෙනවා..දැන්වත් යුද්ධයේ වාසිය මේ රටේ ජනතාවට ලබාදිය යුතුයි..”

යනුවෙන් ඇය වැඩි දුරටත් සඳහන් කර ඇති අතර කිසිදු මැතිවරණයකින් පරාජයට පත් නොවී වසර 11 ක් රට පාලනය කළ තමන් දෙමවුපියන් උගන්වා තිබූ පරිදි වැදගත් අයුරින් තනතුරෙන් ඉවත්ව ගිය බවත්, පවත්නා නීතිය වෙනස් කරමින් අවශ්‍ය නම් තවත් වාර ගණනාවක් බලයේ සිටීමට තමාට අවස්ථාව තිබූ බව ද හිටපු ජනාධිපතිවරිය ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>