අරලගංවිලදී මෛත්‍රීගේ රැළියකට වෙඩි

null

පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන අරලගංවිල ඊයේ (03) පැවති රැස්වීමකට සහභාගිවී නික්මීමත් සමග රැස්වීම් වේදිකාව දෙසට වෙඩි ප‍්‍රහාරයක් එල්ලවූ බව හිරු නිව්ස් වාර්තා කරයි.

රැළිය අවසන්වීමත් සමග මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන අතර පැය තුනකට ආසන්න කාලයක් වාහන විස්සකින් පමණ පැමිණි මැර පිරිසක් රැලිය පැවැති ප්‍රදේශයේ කලබල කරමින් සිට ඇති බව අද නිව්ස් වාර්තා කරයි.

එම නගරයේ පිහිටා ඇති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහාතාගේ කාර්යාලය අසලද වෙඩි තැබීමක් සිදුව ඇති අතර එහිදී පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පොලොන්නරුව සහකාර මැතිවරණ කොමසාරිස් හා ජ්‍යෙෂඨ පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදුකර ඇත.

කෙසේ වෙතත් අද එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාවට විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>