අරලියගහ මන්දිරයේ මල්පෝච්චි තාප්පය ඉවතට

null

අරලියගහ මන්දිරය ඉදිරිපිට තාප්පයේ සැරසිල්ලක් ලෙස යොදා තිබුණු හතළිස් පන්දහසක් පමණ වන මල්පෝච්චි තොගය අද එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

එම මල් පෝච්චි තොගය ගම්පහ උද්භිද උද්‍යානය වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මෙම මල්පැල සැරසිල්ල සකස් කෙරුණේ රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය කරමින්. සාමාන්‍යයෙන් මාසයකට එහි තිබුණු මල්පැල තුන්දහසක් පමණ මියගිය බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන අතර එ්වා වෙනුවෙන් නව මල්පැල අඩංගු පෝච්චි තැන්පත් කිරීමට සිදු වූ බවත් නඩත්තු හා මාසික ජල බිල වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් එම කාර්යාලය සඳහන් කරයි.

මහජන මුදල් නාස්තිකාර කටයුතු සඳහා යෙදවීම අත්හිටුවීමේ පියවරක් ලෙස මෙම මල්පෝච්චි තොගය ගම්පහ උද්භිද උද්‍යානය වෙත භාරදීමට තීරණය කළ බව අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>