අරවින්දගේ ගෙට පැන්න හොරා කුඩුකාරයෙක්

null

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට ඇතුළුවී සේප්පුව බිඳ මුදල් සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ කොටුව ප්‍රදේශයේ දීය.

පසුගියදා අරවින්ද සහ ඔහුගේ බිරිඳ එංගලන්තයේ සංචාරයක් සඳහා ගොස් සිට නැවත පැමිණ බලද්දී සේප්පුවේ තිබු මුදල් අතුරුදහන්ව තිබේ. ඒ අනුව එහි තිබු රුපියල් ලක්ෂ 40 කට අධික දේශිය හා විදේශිය මුදල් සොරාගෙන ඇති බවට පසුගිය ඔක්තෝබර් මස 21 වන දා අරවින්ද කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

පොලිස් පරීක්ෂණ වලදී හෙළිවුණේ අදාල සැකකරු සේප්පුවේ රහස් මුරපදය ඇතුලත් කර මුදල් සොරාගෙන ඇති බවයි. සේප්පුවට යොදා තිබූ රහස්‍ය අංකය දැන සිට ඇත්තේ අරවින්ද ද සිල්වා මහතා, ඔහුගේ බිරිඳ සහ මව පමණි. සිද්ධිය වන අවස්ථාවේ සේවකයන් අටදෙනකු නිවසේ සිටි බවද පැවසුණා. හසුවූ සොරාට ඒ සේවකයින් උදවි කළාද යන්න ගැන පරීක්ෂණ තවම සිදු කෙරේ.

එම සැකකරු පොලිසියට කොටුවී ඇත්තේ ඔහු සොර ගත් විදෙස් මුදල් නෝට්ටු මාරු කිරීමට කොළඹ කොටුවට පැමිණ පොලිස් නිලධාරියෙක් දැක තිගැස්සී දිවයාමේදීය. පොලිසිය ඔහු ලුහුබැඳ අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිසිය ප්‍රශ්න කිරීමේදි අරවින්ද ද සිල්වා මහතාගේ නිවස බිද මුදල් සොරකම් කළේ තමා බව සැකකරු පාපොච්චාරණය කර තිබේ.

සැකකරු සතුව තිබී රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් පොලිසිය බාරයට ගෙන ඇත. ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටි පුද්ගලයෙකු බවට පොලිසිය සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. අදාළ පුද්ගලයා ඇතැම් දිනවල මත්කුඩු පානය කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවට ද පොලිසිය සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

සැකකරු කොළඹ 07 , හැටේවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>