24 May 2018
අර්ජුන මහේද්‍රන් සිංගප්පූරුවේ ඉන්න බවට ජාත්‍යන්තර පොලිසිය දැනුම්දෙයි
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරුවේ ශාඛාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.
ඒ අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවූ අවස්ථාවේදීය.
මහබැංකු බැඳුම්කර වංචාවට අදාලව අර්ජුන මහේද්‍රන්ට එරෙහිව නඩු පවරා ඇති අතර ඒ අනුව ඔහු අධිකරණයේ පෙනීසිටිය යුතු වුවද එය මගහැර සිංගප්පුරුවේ සැඟව සිටින බවට තොරතුරු වාර්තා විය.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදන නිකුත් කර තිබුණි.