අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා තහනම්
අද දිනය තුළ (23) අල්ලස් හා දූෂණ චෝදනා කොමිසම ඉදිරිපිට විරෝධතා තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පොලිස් දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ තහනම් නියෝගය කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා විසින් ලබා දී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගැනීමට විරෝධය පළ කරමින් පිවිතුරු හෙළ උරුමය විසින් සංවිධාන කරන උද්ඝෝෂණයක් අල්ලස් කොමිසම ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
නෙත් නිව්ස් වාර්තා කරන පරිදි මේ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මෙසේ ප්‍රකාශ කර තිබේ…
“අද දිනයේ අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට එරෙහිව පොලිසිය තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව වාර්තා වෙනවා. තවමත් අපිට එවැනි නියෝගයක් ලැබිලා නැහැ. කෙසේ නමුත් අධිකරණ නියෝගයක් කඩ නොකරමින් විරෝධතාවය කරන ආකාරය අපි දන්නවා. ඒ නිසා අපි විරෝධතාවය අනිවාරයෙන් පවත්වනවා. යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ.”