අලි ඇල්ලුවේ නෑ – පන්සලේ දමා ගිය අලි පැටවා බලාගත්තා

null

තමන් අලි ඇල්ලුවේ නැති බවත්,අලි ඇල්ලීම සඳහා කැලේ නොගිය බවත්,අලි විකුණුවේ නැති බවත්,ඒ වෙනුවෙන් ව්‍යාජ ලේඛන හැදුවේ නැති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි පවසයි.

ඊයේ (17)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ තමාට එවැනි චෝදනාවක් එල්ලවන බව තමාද දැන ගත්තේ අන්තර්ජාලයේ හා ඇතැම් පුවත්පත්වල පළවූ වාර්තාවන්ගෙන් බවයි.

මෙම අලි පැටවා අලි 20-30 ක් සහභාගි කරවා ගත් පිංකමකින් පසුව පන්සලේ දමා ගොස් සිටියදී හමුවූ බවත්,තමන් සෙනෙහසින් ආහාරපාන දී එම අලි පැටවා රැකබලා ගත් බව සත්‍යයක් බවත් ධම්මාලෝක හිමියන් කියා සිටියේය.

තම විහාරස්ථානයේ දමා ගිය අලි පැටවෙකු ආදරයෙන් රැකබලාගත් තමාගෙන් එම අලියාගේ බලපත්‍ර ඉල්ලන බවත්, අලි පැටවා නිසාවෙන් තමා අත්අඩංගුවට ගන්නේ නම් නීතියට ගරු කර ඊට ඉඩදෙන දෙන බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ පැවසූහ.

තමන් වහන්සේ සියලු සත්ත්වයන්ට ආදරය කරුණාව දක්වන බවත්, බොහෝ අය තම පන්සලේ අලි රඳවා තැබීමට ප්‍රියතාවක් දක්වන බවත් උන්වහන්සේ පවසා සිටියහ.බල්ලන්, පූසන් හරකුන් පමණක් නොව මිනිසුන් කිහිපදෙනෙකුද තම විහාරස්ථානයේ දමාගිය අවස්ථාවලදී ඔවුන්වද තමා ආදරයෙන් බලාගත් බව ධම්මාලෝක හිමියෝ සඳහන් කළහ.

වරදක් කර ඇත්නම් තමා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්,නීතියට ගෞරව කරන බවත්,නීතියෙන් පළායන්නට තමා කිසිදු උත්සාහයක් නොගන්නා බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

තමා එලෙස අත්අඩංගුවට ගන්නේනම් තමාගේ නීතිඥ මහත්වරුන් ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටින්නේද තමා රෝහල් ගත නොකරන ලෙස යයිද,බන්ධනාගාරයෙන් මිස පිටතින් දානය රැගෙන නොඑන ලෙසද ඉල්ලා සිටින බව ධම්මාලෝක හිමියන් සඳහන් කළේය.

තමාට එම අත්දැකීම ලබන්නට ඉඩදිය යුතු බවද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළේය.

එසේ වුවද තමාට නීතිමය කටයුතු සම්පාදනය කර ගැනීමට මුදල් නොමැති බැවින් තමාගෙන් බණ ඇසූ,තමා ඇසුරු කළ දායක දායිකා ආදීන්ගෙන් රු.10 වශයෙන් තමන් ආධාර කරන ලෙස ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>