අලුත්ගම හා බේරුවල ප්‍රදේශ වල නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර
අලුත්ගම, ධර්ගානගර් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් එම පොලිස් බල ප්‍රදේශයට සහ බේරුවල පොලිස් බල ප්‍රදේශයට ඊයේ පස්වරු 06.45ට පමණ පැනවූ ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියේ යළි දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.
එමෙන්ම අද සවස අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාඛච්චාවක් පැවත්වූ අතර එයට මැති ඇමතිවරු කිහිපදෙනෙක් අතුළු ආගමික නායකයින් සහභාගී වී ඇත. එහිදී ගැටලු ඇතිවිය හැකි ස්ථානවලට හා එම ස්ථානයන්ට ප්‍රවේශ වීමට හැකි සියලු මාර්ගවල ආරක්ෂක හමුදා ස්ථාන ගත කිරීමට මෙන්ම, ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමින් සන්සුන් වන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටීම. මෙවැනි ප්රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස් ගැන සොයා බැලීම හා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
සුහදතාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. යන තීරණ වලට එළඹී ඇත.
මේ අතර විදෙස් සංචාරයක් යෙදී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ ලබා නොදෙන බවත් සියලුම පුද්ගලයින් ඉතා සංවරව, හික්මීමක් ඇති කරගනිමින් කටයුතු කළ යුතු බවත්ය. එමෙන්ම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.