අලුත් ඇමතිවරුන් අතරත් දුෂිතයින්

null

හිටපු අමාත්‍යවරුන් 5 දෙනෙකුට සහ බස්නාහිර හිටපු මහඇමති ප‍්‍රසන්න රණතුංග මහතාට එරෙහිව විවිධ චෝදනා යටතේ නඩු පැවරීමේ සූදානමක් ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

විමල් වීරවංශ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අදාළ හිටපු අමාත්‍යවරුන් පස් දෙනායි.

මේ සම්බන්ධයෙන් නෙත් නිව්ස් කළ විමසීමකදී දූෂණයට එරෙහිව ප‍්‍රබල හඩක් නැගූ රංජන් රාමනායක මහතා සඳහන් කර ඇත්තේ තරාතිරම නොබලා වරදකරුවන්ට දඩුවම් දීමට වත්මන් ආණ්ඩු කි‍්‍රයාකරන බවයි.

ඉකුත්දා අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් ඇතැම් අයටද විවිධ චෝදනා පවතින බවත්, ඔවුන්ට එරෙහිව වුවද විමර්ශන සිදුකර වරදක් ඇත්නම් දඩුවම් කිරීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා පසුබට නොවනු ඇති බවත් මෙහිදි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>