අලුත් පක්ෂයකට මේ හොඳම අවස්ථාවයි

null

අලූත් පක්ෂයක් බිහි කිරීම සඳහා ශී‍්‍ර ලංකා ඉතිහාසයේ හොඳම අවස්ථාව දැන් උදාවී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එ් මහතා පෙන්වා දෙන්නේ අලූත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීමේ කාලීන අවශ්‍යතාවක් මතුව ඇති බවයි.

තමන් ඇතුළු පිරිස් කැපවීමෙන් කටයුතු කළ මිනිසුන් බැවින් අලුත් පක්ෂයක නායකත්වය ගන්නා ලෙස ඉල්ලීම් ලැබෙන බව හෙතෙම කියා සිටියි.

දැනට විපක්ෂ නායක ධූරය දරන ආර්.සම්බන්ධන් මහතා ආණ්ඩුව පත්කිරීමට සහයෝගය දුන් අයෙකු බැවින් ඔහුගෙන් හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් විරුද්ධ පාර්ශවයේ මතය නියෝජනය නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම නිසා අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැඟීමේ කාලීන අවශ්‍යතාව පවතින බවත්, පක්ෂය ගොඩනැඟීමෙන් අනතුරුව නායකත්වය තෝරාගත හැකි බවත් හෙ‍තෙම සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (26) පැවති උත්සවයකට එක් වෙමින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>