අලූත් සහල් මංගල්‍ය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

null

අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) පෙරවරුවේ අනුරාධපුරයේ ජයශ්‍රී මහාබෝධින් වහන්සේ අභියසදී පැවැත්විය.

අලූත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රි මහා බෝ සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව අලූත් සහල් මංගල්‍යයට එක්විය.

අද පුවත් වාර්තා කරන පරිදි සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ් නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිදුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍යය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබුණි. වස විසි නැති දේශීය සහල් බදුන ජනාධිපතිතුමාගේ සුරතින් ගරුතර මහා සංඝරත්නය වෙත පූජා කෙරිණි. එම සහල් නිපැයීමට බිත්තර වී පළාත් නවයේම ගොවීන් වෙත ඛෙදාදෙන ලද්දේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට උතුරුමැද පලාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, වැදිනායක ඌරු වරිගයේ වන්නිල ඇත්තෝ ඇතුළු පිරිසක් සහභාගී වි තිබේ.

එහිදි අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා ආණ්ඩුව මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>